Lyrks
Lyrks
Lyrks
Cover Art

CYPHER 2014/15 Lyrics by Drillteam

2015

[E-Root]
E Root නැවතිලා ගේමෙන් ගතවෙලා කාලේ දැන් හැල්මෙන්
Drill Team බලකණු බිහිවෙලා බැලු බැලු තැන වැකි විදිනවා වෙඩි වගේ
උඩු යටිකුරු වෙලා හඬවන නෙත් රත් තෙත් මත් කරගෙන
බලපන් සුළි බිඳ විහිදෙන රැප් සුළි සුළගෙන් පිලිවෙලින්
පැමිණෙන රැප්වරු පතුරන cypher වචන පද වැල් රැව් පිලිරැව්
ගිනිදැල් වෙල දැල්වෙයි උබලගේ ඔය සිත් පිත් තුල
නැළවෙන Swag..රැස් ඇති දැන් අපිට..!
කරගෙන Diss, මිස් වෙලා කාශ්‍යප King
දිස්වෙයි උබෙ හිස් මොලේ ඇති කුහක රස්නේ
රැප් වාද්‍ය, මාද්‍ය, උබෙ බොරු වාක්‍ය, වගෙයි අනර්කලී දාන නාට්‍ය
හාස්‍ය මැදින් අහන් Cypher කාව්‍ය, කියපන් අපි සම්බාව්‍ය
සංක්‍යාව 62992!! මුද්‍රාව හිතේ, නිග්‍රහය නැතේ
විග්‍රහය දෙන්නේ අපි කවි සංග්‍රහය ලෙසේ..
සංකාවේ නෙවේ, පංකාව මුවේ!
රැප් දහනේ, වදන් වහනේ, Cypher දැවේ මද්දහනේ…
[D-Minor]
මළසමයන් හිනා දකලා කැටයම්
බොලා මරද්දි කරනවා අපි දඩයම්
හැඩතලයන් සරඹ කොපි කරපන්
කරල රවන හැටි ඔහෙ පලයන්
අපෙ මානය දඬුබස්නමානය
අපෙ අවසානය රැප් අවසානය
ඇලපිලි පාපිලි පිටවෙන්නෙ කිපිලා
එකෙක් මැරුවොත් හයක් ඩ්‍රිල් ටීම් මාපිලා
ඩ්‍රිල් ටීම් නිව්ව මොල රැප් වල සාගිනි
අපි ලැව් ගිනි අද පුරා රූපවාහිනි
දැම්මා සුදු කොඩි මාස තුනකට කිලි
DRex ගනින් හර්ස් එක cypher දැම්මා මෝචරි
[Ravi Jay]
සෙව්වා කතරක යට ගිය දවස
වැලිමත සැගව විනාශ වූ මතක සොහොන
දුකට සිනාවෙවී නොලැබ සැප
කාපූ දත්මිටිවල රසට මගේ හිත මැරැණා
එකට කාපූ බීපු මිතුරෝ මග හැරියම
මාරය මට හිනාවෙලා කිව්වා කිංඩියට
බීපං පුතේ වස බලපං හැටි ජීවිතේ ගෙවන
සෙප්පඩ බොක්කක් පෙන්නන් මුං කෑවා උඹේ ලොව
මේක පකේ ලෝකයක් හිනාවෙවී අරින
සමාජෙ මඩට ගොනා ඇද වටේම දුවන
දුකට කීවට සෙත් කවී එල බොක්කෙන් මැරියං
සැපට කෑවෙ නෑ මෙලෙවදී
ඒත් බොක්කෙන් මැරියං
[AF]
ඉපදුනේ වර්ෂේ අනූ අටේ මස පෙබරවාරී..
ඇහුනම මගේ නම වැටෙන්නැද්ද නාඩී..
කියලා දෙන්නම් රැපාරද රැප් විශම ජාතී..
Westනා ඉනිමඟ රැප් පෙරටුගාමී..
හෙළ අටු නද මිශ්‍ර වූ රැප් සංයෝගය..
සිංහල රැප් ලියැවුනේ මගේ දෛවයෝගය..
උග්‍ර වදන් පිටවෙන බලකා නාදය..
වරෙං සටන ඇරඹුණා අශ්ව මේධ යාගය..
හෙළ රැප් කර්ණය පියාඹන වස්තුව..
වෙන්නෑ මෙල්ල උඹ ගෙනාවත් හෙණ්ඩුව..
AF බලකායෙන් පරමාණු බෝම්බය..
හැප්පුණොත් උඹ යට වෙයි වගේ කොස්ලන්ද
[Minol]
සිතුවිලි.. මං අඬව අඬව..
කපනවා උඹේ මස් තියන් උඹේ ළඟම.. ළඟම
අඳුරට එළියක් දෙන්න මම හැදුවේ
ගැහුවා ගිනි කූරු සීයක්..
නිවුණා..දැවිලා අලු බිමට වැටෙද්දි
අන්තිම එක විය එළියක්..
දැවෙනා ලෝදිය දහරක මා..
වටවී මැද ඇති ජලයත් අරගෙන
දියමන්තියකට නිම කෙරුවා..
කවුරුත් දුටුවේ නෑ එහි වෙනසක්…
වෙනසක් කළ, වෙන සක්වල, පිටසක්වල ජීවිතේක අැරඹුම
ගිනිබත් කළ, මුසපත් වුණ, විස නංවන, හිත බිඳලන පෑරුම..
විධිමත් උණ, විඩාපත් උණ ගොළු හිත ආයෙත් එන්නෙ නෑ දැන් ..
අැඳි සිතුවම් මකා දමමි..
මම මිනෝල් කරයි අහසේ පාට..
කලු, කැත, විනාශ..
අලු කරයි සීමාවන්..
උඹලා දෙයි විලාප..
මගේ ඇඟ පුරාම..
දුවයි දැන් ලාවා..
පුපුරන්නයි යන්නේ දුවපන් හොයන් පාරක්..
[Big Doggy]
උඹ පන්තියේ අංක එක මම අයිආර්සී නම්බර් දෙක
රැප් සිහිකරවයි නුඹේ ළමිස්සියෙක් අද වෙච්ච ගෙට
පරපෝෂිත මම ශ්‍රී විෂ්ණු විභූෂිත
පෙරළපන් මහාවංශ පොත බලපන් මගේ වතගොත
මම ඩන්කන් වයිට් උඹ ඉදුණේ ගහල කාබයිට්
මාත් එක්ක දුවලා හති උඹට මෙන්න හදාපු මාමයිට්
උඹ හරි වැඩකරුලු පෙරහරේ කස කරුලු
මහා පෙරහරේ කරඬුව ගෙනියන දළ ඇත් රජ මමලු
Check this out මම මහා කළු MC
සිංහ කොඩිය වැනුවේ 96 ඉඳලා පර්සි
දෙව් මව් තුරුළට කලා සූරී එදිරිසිංග මර්සි
Doggy අයියගේ බජව් කාමරේ පුරෝලා දෝසි
අවදි වෙයන් හිතුවද උඹ මහා ලොකු තරුවක්
ගල් ගහලා වල්ගා තරුවක් වට්ටන්න ගියේ නැ මට වරුවක්
මල්ලි නවත්තපන් දැන්වත් උඹේ සිංහල පොෂ් ටෝක්
මම රැප් කරද්දී සිංහලෙන් උබලගේ සීයා ආච්චිට ටෝක්
[Zen]
නයිටීඑන් බලලා තලු මරලා ඉන්න අත් බැඳගෙන
දණහිසෙන් අඟලක් උඩ දැක්කත් සිල් බිඳගෙන
සුදනන් ලෙස ඇඳගෙන දුදනන් මූණු වහගෙන
පන්සල් පල්ලි කෝවිල් පසුපස යයි වැඳගෙන
බඩ කට වෙනුවෙන් කට වට බැඳි වැට දාපන් බල්ලට
සට පට හෙණ හෙට වට කර වැදුණත් උඹේ තනි සොහොනට
කළුවර කුණු මොළ අරගෙන අඹරලා සේදුම අරඹන
වැජඹෙන Zen මම හෙළ රැප් මම යළි උඹ කළඹන
(උල්කා)පාත වගේ සැර වචන මගේ නිදි කිරන තොපේ ඔළු පළන් වැටෙයි
බෙලි ගෙඩියට බය වුණු හාවෝ වගේ තොපි පාරේ දුවයි මුළු ලොව පෙරළෙයි
මගේ සිතුවිලි සිත්තම් වියරු වැටී තනි රූල් ඉරන් හෙළ රැප් මතුවෙයි
සැකෙවින් රුපු නසනට ආ විකුමින් පිරි රැප් ගුණ ඇති Zen ඒ මමයි
[Omee]
සාදු කියපන් අතට ගත්තා මයික්‍රෝෆොනේ..
උබ ලුතිනන් නම් මම කැප්ටන් රැප් සාගේ..
ඕන දේක ඩිග්‍රී බලන්න පිටු මගේ නැහැ
සැලියුට් කිරි කජු කොල්ලන් හමුවේ..
වෙනවද උඹ බොරු රැප් මැටිරියල්
පලයන් සතොසට කාපන් කිරි එක්ක උබ සීරියල්..
පොඩි කාලේ උඹ කියෙවුවේ ගම්පෙරලිය
ගම්පෙරලිය අද නැහැ cypher පෙරලිය..
උඹ රැප් බෑවට නයිට් කඩේ
වගේ බාන සුදු පාට ආප්ප වගේ..
දිරවයිද බොල මල්ලි උබේ බොරු සිගිත්ත…
රෙද්ද… අපි වපුරන්නේ රැප් විචාර
[D-Rex]
බොලා… පරදේශ වසංගත ඉබෝලා
මමයි කිස්ට් මාමා අමු මොල ගන්නන් ඉදෝලා
අඩෝල නැ දෝලා නෑනේ කට කියොලා
අනෝරා රැප් වැස්සේ DRex වදන් අමෝරා
මේ බොරු බල දවල් වල කලා රට කලබල
කාපන් අසනම් යාලු ඕවා නියගලා අල
සුද්දට අතිරස අපිට අතුරු පල
සිංහල නම් බොල පන්සලකට පල
එක ලෙයක් එක දැයක් බැඳී එක හුස්මින්
එක් වෙලා කරමු පිට රටම තුස්නීම්
තනි කළු අඳින්නේ DRex හරි චාම්
මගෙත් යකා ඇතුලේ දොර ඇරියොත් වාන්
ඔප්පු කල බාරයක් දෙවියන්ටත් පින්දී
කපල කොඩිවිනේ ගිනිතිව්ව අපි පිල්ලි
ඒ! මේවා වෙච්ච ඇත්ත සිද්දි
සිංහලෙන් රැප් තනි කළු *ත්තෝ Drill Team
[Fill - T]
6 වෙනි පටුමග මොරටුවෙ බලතල
බෙල්ලට ගෞරව මල්මාල
Cypher දෙවෙනි පිටේ sniper මමයි බොල
දුරසිට හඳුනමි තොපෙ මූණ
හිටිවන රැප් මට පිටවන විට
බොට වෙනවනෙ දත කට පූට්ටුව
බෙරකරු නැට්ටුවො අහකට පල
මම නිලමෙ තුමා රැප් පෙරහැරට
පාට සරුංගල් ඉහළට ගැහුවට
නූල කැඩුන විට බිමට වැටෙති
මුල මතකනෙ නෑ බොට විභාග එනවා
හෙළ රැප් හෝඩිය බොහෝ වටී
වඳුරට දැලි පිහි මීකිරි කන්නට
ගැළපෙන්නෑ බොට නෑ වැටහි
මන්තර ගුරුකම් මාතර කපුවගෙ
බල බිඳෙන්නෙ නෑ ශූර බලෙන්
දැනගෙන යන මම කතරගම
තොපි නොදැන ගිහින් හෙට අතරමග
පාතාලෙ තාලෙ ගැන කතාව එපා
මම බොහොම මීටර් මහරගම
හුරු පුරුදු වෙලා වගෙ කපටිකම
තාම දීග යන්නෙ නෑ ළපටිකම
ළඟ ළඟ බලපන් උඹෙ ග්‍රහ අපල
සෙත් කවි ලියපන් පව් දුරුවෙන්න
වෙස් මූණු නැටුම් මැද හැංගි හොරා
අපෙ ගලන ගඟට ඉනි බඳිනු එපා
උඹේ ගොත්ත කපලා මම ගත්තෙ පුතා
තොගෙ බැට්ට්‍රිය බැහැලා රැප් කරන්න එපා
[Loco]
Nursery රැපාලා වලලන්න ආවෙ මන්
කෙටි දුර ධාවන එවුන් ඉතින් දුවපන්
මයික් එක මගෙ කිණිස්ස
මරල ඉවරයි දැනටමත්
මේ පද උඹලට පින් පිණිස
කියන්න ඕනෙ නෑ මචන් දන්නෝ දනිති
අඩන තොපිට ඇයි ආයෙ ආයෙ ඇනිලි
කලින් cypher එක හින්දනෙ මේ කැපිලි
(රැප්) කරනවා වෙනකම් ඇටසැකිලි
කියන්න දෙන්න එපා මගෙ කටින් ඔය නම්
කන්න දීපු අත හපා කාපු සක්කිලිකම්
නසරානි, කඩප්පුලි අපෙ රැප් පද බන්
අපි රැප් බලතල රැප් කල්ලි මරුවන්
[Kalu Malli]
අපිටත් තොපිටත් සාමෙන් සෙල්ලම් කෙරුමට තමයි මලේ..
මහ කැලේ පාගලා පිටියක සීමා මායිම් සකස් කළේ
හරිහැටි පෙළකට පිලිවෙලකට ගැළපිළි නොමැතිනම්
පළඟැටි පෙලකට අඳුරට වී ඒත් අත වනන්නම්
නූතන ශික්ෂා ක්‍රියාපත් විවිධත්ව වර්ණ පියාපත්
හෝමෝන අපි හෝමෝසේපියන් ඒකත්වයෙන් ප්‍රතිපල ලත්
ගෙදරදි බලන් වරෙව් මෙතනදි නැළවෙන්න නම් නෑ බන්
ලයිට් දාලා ගහන්නෙ ගෙදර යන්න වෙන්නේ රෑ බන්
සැළකිය යුතු මේ කරුණු වග බලා ගත්තොත් හොඳයි..
නැත්නම් කියයි රැප් අධිකාරිය westනාහිර නරකායි..
වමටත් දකුණටත් බෑ.. චොකලට් කුරුල්ලන්ටත් බෑ..
මර වෙති මරන්නෝ කොර වෙති අසන්නෝ රැප් හැබැයි
[Chrish Vix]
ධන රණ westනාහිර සිංහල කලු බස රැස් වූ වීර
දර්පණ තල කිඳා බැස්සූ කීර විසූ නිර විස ගෝර
Westනාහිර KABOOM!!
පරමාණු ඩයිනමයිට් ආයෙත් අදහන්නන් ගරහන්නන් Drill Team Ottomaana තුර්කි
ආපෝ තේජෝ වායෝ කෙටුණු
හදවත ලේ අණු පුපුරා සෘණ ලෙස පිටකරනා බල තේජස සිතුවිලි
ධවනි අග්නි මම අස්ලාන්
නස්නාන් හෙළ රට යස සිංහල බස ගරහන නර අසනීප හඬ සංගීතය බාරෙට දැන් පස්වාන්
හරබල අණසක පතුරන වෙනසක
හෙළ මාන නම රැන්දූ තරු බදු විලසට
නිරුවත වෙත සරුවත කෙත ලඟ රැඳි
අවැසිය වෙත පැවසිය හැකි තර්කය
හාරමාන කලාවට හීනමාන අමාවක
දැනගෙන කරගෙන තරමට වරමට කරපිය
තරමට වයසට ළාමක බොලන්ගේ rap මට වගෙයි (බලු සංසර්ගය)
[Manasick]
Born මානසික් (Im the best) أنا الأفضل සාජෙහාන් Arabic
ඔය අලේ බලේ මලේ rhyme මට ඇලජික්
මොළෙ පහන ඇතිල්ලුවා තෙවරක් ඇලඩින්
වපසරිය අහුර උබ අපි තලිය
ගැවේ උබ කුරුටු අපියි යාළු බලිය
කරන් තොවිල රැප් ඇතුලේ ඉන්නේ නලි නලිය
කෑවේ කට්ටම කිව්වේ බොල පට්ටම drill team අපේ මට්ටම homie අටපට්ටම
මරපන් ,හම්බෙන්නන් ගිහින් 2Pac අතටම දෙන්නම් දෙවියන්ගේ බාරේ ලියුමත්
කියයි Borna facebook රැපෙක් youtube!! මානසික් බොන්නේ මකබාස් හැදූ නයි සුප්
තනිකළු swag ආවේ ඒරොප්පෙන් borna දාන්නේ සෙරප්පු දුප්පතා බොක්කෙන්
හිල් කරන් මොළ පටන් ගත්තේ ටොක්කෙන් නම් කරපන් Drill Team නැති Top 10
Credits

About “CYPHER 2014/15” by Drillteam

Read the complete lyrics to "CYPHER 2014/15" by Drillteam in 2015. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"CYPHER 2014/15" is performed by Drillteam. in 2015 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "CYPHER 2014/15", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"CYPHER 2014/15" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "CYPHER 2014/15" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.