Lyrks
Lyrks
Lyrks
Cover Art

Usama Thanaka | උසම තැනක [Explicit] Lyrics by Drillteam

2016

[Verse 1: Hiyum]
ගල් ලෙන බින්ඳා, ලෙන් දොර ඇරියා, අසම්මතයි මගෙ කතාව
අඩියෙන් අඩියට අඳුර ගත්තා මං "යාළුවාව හා සතාව"
කාලෙ හරි තිත තියන්න මේ මං රැප් දෙන අන්තිම වතාව!
පතාගෙන ආවා වගේ මේ රටාව හඳේ කළ රති කෙළි ලතාව
බල්ලෙක් මම පිස්සු මට හපපු පාරවල් හොඳ වෙන්නෑ
මොරටු වැල්ලෙ මම තියපු අඩිය එන රළ පාරටවත් බොඳ වෙන්නෑ
අවුරුදු දහයම කට්ට කාලා දාපු සිංදු අහපන් රැප් වඳ වුණ්නෑ
බෝතලේට ළංවුණ නරි නෑවුණා ඊරිසියාවට අද උන් නෑ
"තනිකම හොඳයි" වගේ මට එපා කිසි දෙයක් එපා කිසි දෙයක්
අපිත් වැටුණා බං නැගිට්ටා තනියම ආපු දුරත් මට විශ්මයක්!
දකින දේ වෙනස් වෙනවා හැරෙන විදියට ජීවිතේම ප්‍රිස්මයක්
කට විතරයි ඒත් අපෙන් පස්සෙ ආපු ගොඩක් උන්ට නෑනේ ශිෂ්ණයක්
[Verse 2: Chrish Vix]
දවසක, තනි හවසක සැනසුණ තුංග අනු අතර රිංග සෙව්වේ මම
කළුවර වෙනස හිත සනස පවස ගැවස තුළ නිවස විමස තනි සංයම
ගිනිකෙළි ගින්දරවල නරුම ස්පන්දන ඉදිකළ සබැඳි ළබැඳි වෘතාන්තය
මනුසංසාරය පිරි නෑ සඟ ළඳ වෑයමක නෑකමක, නාඩගමක, පන්නර
මං තනියම ද්විත්ව සමතුලිත සිත්ව අනුකරණයක් ද නිර්මාණයක් ද ප්‍රශ්න කර
ආයුෂ දිවි විද නිමිති කිමිදි හැඳි කරමි තත්‍ය යථා පැවතුම
බලි මග කඩාගෙන මනස දවසක් මගේ
හිරිගඬු කිපෙන යැපෙන හිඩ(සක්)වල
නිලලත් මිත්‍රය උඹ පාට කළ යුතුයි උඹේම චිත්‍රය!
[Hook: Yuki]
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
හති වැටුණා දුර ඇදුණා
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
[Verse 3: Minol]
ලෝකෙ උසම තැනක කන්දොස්කිරියාවෙන් මිදිලා
මාගේ දැහැනෙන් මාව මිදිලා
බිත්ති හතරකින් සුදු පිටුවක මගේ සිතුවම්
හිනා වෙන්නේ මං කාරන කෙළ පාවෙන තරම්
අඳුරු දැහැනේ බැඳි වලාව
පිඹි මිනී අළු දියකරයි ගිනියම මිනිස් හිතුම් පැතුම්
හිඩැස් හිඩැස් හිඩැස් වෙනස් මිනිසුන් අතරේම ගැවසුණ
අන්ධකාරේ මාව පෙනි පෙනි වෙළයි ආවත් නාවත්
හිනාවෙන කතාවෙන හැමදේම වමනෙට එන විකාර මාර
සමාවෙන්න මගේ ගතිගුණ
මිනිස් හිතුම් පැතුම් ඇවිත් කැතවුණා
කෙරුවත් චිත්‍ර අළු වලින් හැඩවූ කැඩපතෙන් කැත මම විමසුවා
ඇයි නැත්තේ පිළිතුරක්
විනිවිද දකින වෙනස පිණිස සිඳගමි ගෙල
ලෝකේ "උසම තැනක" මෝහේ අඳුනේ
ශෝකය මැවෙන තැනක තනිකම සොහොනකි නොමැරී මැරෙන
[Verse 4: Ravi Jay]
මම ඉන්න ආසයි පිටිපස්සට වෙලා පාඩුවෙ බලාගෙන මගෙ ලෝකෙට වෙලා
දුන්නා අත්තටු මිනිස්සු මට උන්ගෙ ලෝකෙට "එන්න අපි රජ කරමු" කියා‍
හිරවෙලා ඉන්න මට පියඹන්න දෙන්නෙ තටු මට ආලෙට නෙමේනෙ ඔයා‍
ඉන්නේ තනියම කන්නේ හොයාගෙන මට තටු එපා!
මම ඉන්නෙ බලාගෙන හැමොගෙම හැටි දැනගෙන මගෙ ලෝකෙට වෙලා‍ ඇස්වහගෙන මා වටකැරකෙන සිතුවිලි එක්ක දුර ගමනක් කළුවරේ මා ගියා
එපා කවුරැත් තනියට, තරැ එද්දි කඩාගෙන මගෙ ලෝකෙට
උඩ බලාගෙන ඉන්න මන්දාකිණි දුන්නා මට හෙට දවසට ඇරං යන්න හුස්මක් දිග
යන දවසට මෙලොවින් යන්න වෙන්නෙ තනියම ඇත්ත ඒක තමා!
නොවි කම්පා සොයනවා සම්මා නිවනට යන මග එළි කරගෙන මට ගැළපෙන සත්‍යයේ කෙළවර නොපෙනෙන දුර ඈතට දුවනවා මං හොයාගෙන දැං
තනිකම තනිවම විඳගෙන ඉන්න තැනක් මටම හොයන්
[Hook: Yuki]
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනියම ඉද්දී මා
හති වැටුණා දුර ඇදුණා
තනිවුණ මා හිත නිවුණා සම වැදුණා
රැය නවතිද්දී මා තනිවම ඉද්දී මා
[Verse 5: Manasick]
අල්ලන්නෙ නෑ අදනං ඉර පායන් එන විදිය
ගන්නත් නෑ මට නිදිය බෝර්නා වැඩ වැඩ සතියම කන්නෙම දත් මිටිය, යුද පිටිය
දහඩිය කිටි කිටිය, මග හැරුණා මිතුරන් මට හිටිය
වතුපිටිය නැති ඇණය නැති මිටිය ගිනි බඩගිනිය හිටි හැටියෙ කිරිපිටිය ඒකයි දිවිය
අප්පිරිය අඩුපාඩු වලින් යුක්ත ජීවේ යුද මුක්ත හීනෙ හූනා කිව්වා චික් චික්
අවිවාද අවවාද අවලාද හැමදාම මාද දෙවියනේ?
පූජා වට්ටි අරන් කතරගම අනන්ත වැන්දා මම මැදියමේ
කළා භාවනාව හිතේ බර වද දුන්නේ පාගං මාව
මාර මාර මිනෝල් මටත් දැනෙනවා උඹෙ විඩාබර
ගෙල සිඳ විසික් කරන්නට තරම් හිතේ බර
ආස තනිව සත්තයි
දුක සැපෙන් තෝරගත්තේ මැද්දයි!
සෙනඟක ඕනෙ කෙරුවෙ පැත්තයි!
නින්දක සුවය දුන්නෙ පෙත්තයි!
මට මං මිස යන්න බැරි තව්තිස
කළ පව් පොදි බැඳගෙන චෛතසික
සුභාෂිත කියවලත් තාම හුඹහා හිත
මං කිව්වේ මගේ හිත මං දන්නෑ උඹේ හිත
කාරන එක මගෙ උපන් සිරිතක්
දාගෙන ඇහුවට ගිහි පිරිතක්
පැතුවෙ ලැබුනෙ නැහැ මට කිසි පිහිටක්
පිරිසිදු වැඩි නිසයි පෙනුනෙම කිළිටත්
කැළයක ගහගෙන ගිනි මැළයක් ආසයි මම නම් තනිව ඉන්න
වෙන්නෑ කාටත් හිරිහැරයක් ආසයි මම නම් ගිනි තපින්න!
Credits

About “Usama Thanaka | උසම තැනක [Explicit]” by Drillteam

Read the complete lyrics to "Usama Thanaka | උසම තැනක [Explicit]" by Drillteam in 2016. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Usama Thanaka | උසම තැනක [Explicit]" is performed by Drillteam. in 2016 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Usama Thanaka | උසම තැනක [Explicit]", explore more songs by Drillteam using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for Drillteam · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Usama Thanaka | උසම තැනක [Explicit]" is credited to Drillteam. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Usama Thanaka | උසම තැනක [Explicit]" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the Drillteam artist page at /artist/drillteam for biography, popular tracks, and links to more lyric pages.