Lyrks
Lyrks
Lyrks
Cover Art

Peli 100 Lyrics by K-Mac (SL)

2021

[Verse - K-Mac]
ජීවිතේම වින්දත් කවුද ආස විදවන්න
සැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්න
ඕනේ නෑ මට ගොඩක් කල් ජීවත් වෙන්න
මම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න
මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දී
ගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇගට ඇතුලු වෙද්දී
රෑ පහන් වෙද්දී හිතුනා දේවල් ගොඩක්
ත්ශ්ණාව ඉර්සියාව වයිර ලෙඩ තුනක් තුනක්
ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිලියම
ලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයම
මගේ කාමරේ දුමෙන් වැහිලා
වැදිලා නෙවෙයි යාලු මම ඉන්නේ සම වැදිලා
කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරෙ දාන්නේ
දිව්‍යයලෝකේ සාදේ කිලුඉලුම නාදේ
මං දෙවියන්ගේ හාල් කැවුනු දෙවියන්ගේ පුතා
බොලාට හිතාගන්න බෑ මේ ඇග ඇතුලේ ඉන්න සතා
පාපමිත්‍ර සේවනය සැපට මෝහනය
මෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනය
භීෂනයත් එක්ක මට ඇහෙන්නේ වීණා වාදනය
සල්ලි පස්සෙන් යද්දී එන්නේ පොලිස් වාහනය
පෙර කල පිනට යහතින් ඉන්නේ තාමත්
එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්
මම මැරුණු දවසට අඩයි හදේ හාවත්
අහන්න වෙන්නෑ මේවගෙ වදන් කවදාවත් ආයේ
44 වෙන්නෑ කවදාවත් මලානික
පැතිර යන්නේ උනක් වගේ මාරාන්තික මාරාන්තික
ක්‍ර්රුන්තක රදනක බොරු වචන දාලා
කියන උඹේ රැප බොක
තේරුම බිංදුවයි නම්බුවයි බම්බුවයි
ගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සිංදුවයි
තේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගෙ කාගෙත් හැටි
බොරුව මවාපාන උන්නේ රටේ තොටේ සමාජෙ වැඩී
පේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේ
හිතේ තියන ලොකු මානේ නිසයි වෙන්නේ අවමානේ
තේරුම් ගන්න බැහැ ගැඹුරු වැඩි නිර්වානේ
ක්ශනික කෝපය ප්‍රතිපලය දුකයි අවසානේ
සෝවාන් සකුර්තගාමී අනාගාමි අරිහත්
බුදුගුණ බුද්ද ධර්මේ රැව්දේ විශ්වේ තාවමත්
හිටිය විදිහ නෙවෙයි යාළු ඉන්න විදිහයි වැදගත්
හිත කය මන පව්කාරයි කාගෙන් හැංගුවත්
මං ඇත්තයි කියන්නෙ අවංක අම්මට විතරයි
වෙන කවුරුත් අදාලම නෑ මට මම විතරයි
හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි
විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි
ස්තුති දෙවියනේ දුන්නට තව දවසක්
පරිවාසෙ හිර ගෙවල් වල ඉන්නවා තව පිරිසක්
සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක්
වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්
කාටවත්ම පෙනෙන්න නෙවෙයි තමන්ට දැනෙන්න
කරන මිනිහා කියවන්නේ නෑනේ කාටවත් ඇහෙන්න
පුරුදු වෙයන් හැමදේම හොද පැත්ත දකින්න
මම වැරදි පැත්ත දැක්කේ නැහැ වගේ මග අරින්න
මට ඕනෙ නෑ නැති ප්‍රශ්න ඕන මනසට නිදහස
මානසික ආතතිය ගිනිතියයි උබේ හිස
ආශාවේ නෙවෙයි සැප තියෙන්නෙ නිරාශාවේ
රෑ ආකාසේ දිහා බලන් මනෝලෝකේ පාවෙයි
ගෙවිල යන්නේ මේ සූස්තිමත් දවස්
මම වෙනස් උනේ නෑ උනේ සමාජේ දුරස්
මම මගේ පාරේ යද්දී වෙන්න එපා හරස්
ප්‍රසිද්ධ වෙන්න කාටත් කලේ නෑ මගේ ආත්මේ උකස්
මැකා තාමත් ඉන්නේ ගේමේ කාටත් පදිරිම නෑ
කාටත් කඩේ යන්නේ නෑ මම කරන්නෙ මට ඕනෙ දේ
නවතින්නේ නෑ කාටත් නවත්තන්න බෑ
කල්ලිය ඉන්නේ තාමත් උඩ උඹලට ලං වෙන්න බෑ
ගල්කිස්ස බඩෝවිට මාළිගාවත්ත ගෑර්න්ඩ්පාස්
කෙසෙල් වත්ත කොළඹ මොකද වෙන්නෙ දොන් දිනුක
දනුක චප්පා නානා ජොනී අම්ම පැතුම් යාලුවෝ
ඉන්නවා කොළඹ වටේම
කොළඹ රැපා කවදහරි මැරෙන්නෙ සැපේම
[Verse - Smokio]
තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී මං හිටියේ කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මං වත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කදු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කදු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්
පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්
හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි
වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය
ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය
අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට
ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම
වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම
වැරදි වල ණය ඉල්ලන් කරුමේ මගේ එනවා පස්සෙන්
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ
අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම
විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම
කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා
කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
Credits

About “Peli 100” by K-Mac (SL)

Read the complete lyrics to "Peli 100" by K-Mac (SL) in 2021. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Underground Rap, Rap, Hip-Hop.

"Peli 100" is performed by K-Mac (SL). in 2021 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Peli 100", explore more songs by K-Mac (SL) using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for K-Mac (SL) · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Peli 100" is credited to K-Mac (SL). Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Peli 100" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the K-Mac (SL) artist page at /artist/k-mac-sl for biography, popular tracks, and links to more lyric pages.