Lyrks
Lyrks
Sign In
Cover Art

Piditha Panthiye (පීඩිත පන්තියේ) Lyrics by ROD RECORDZ

This Is Vinosh

2020

[Verse 1]
කලුවර අවකාශයේ කාසිය මිනි පහනක් වුනා වාගේ
පීඩිත පන්තියේ රස්නය නොදැනෙයි AC එක අස්සේ
වාරේ එනකන් ඉන්නේ කවදද එනකන් ඉන්නේ මගේ වාරේ
දුප්පතාටත් ඇත සිහින ඉඩදී ඉදපන් එනකන් ඒ කාලේ
ඇති එකාට හිනා වෙන උන් නැති මට ඔරවයි දැන් පොර වාගේ
අපාය උනු මගේ ජීවිතේ කාසියට විහිලුවක් උනු මගේ ජීවේ
එනකම් ඉන්නේ මගෙ වාරේ
එනකන් ඉදපන් උබ ඔය වාගේ
තෘප්තිය නැති මගේ ජීවිතේ
ඉදි කල එකම දෙයයි මගේ හීනේ
මීටරෙන් බලා ගෙන ඉන්නේ කාගෙ කාගෙත් දැන් අසිරි
සත්තුන් අදුරන් ඉන්නේ වාසිය පැත්තටම කෙල වැතිරී
යුක්තිය ඉටු වන්නේ මොනර කොල වලට පාරෙ බලු වී
සිවු දිශාවෙන්ම තෙරපෙන්නේ දුක්ඛිත මිනිසයි අද කොන් වී
සැපට ඔබින ජීවිත අද මන්දිර තුල යා වුනේ
දුකට උරුම මගේ දිවි ගෙවුනේ පදික මාරුවේ
ආගම ජාතිය සිංහ නාද දසත පැතිරුනේ
අපි වගේ පොඩි මිනිසට ඇයි කෙනෙරි කම් වුනේ

[Hook]
පීඩිත පන්තියේ දිලිදා මහන්සි වේ
දුගියගේ රන්චුවේ
තැවෙයි මා
දැවෙයි මේ හංදියේ

[verse 2]
රසකර කර රට්ටු කියයි මට දැන් උරුම තැන
උපතින් දුගී උන නිසාලු කොන් වූවේ මගේ නම
සක්කිලි කමලු මහත් උනේ මට ලොවම තියයි ගිනි
මම සිතුවේ එකම දෙයක් පමනයි නිවන්නට බඩගිනි
හද තුල අපේ රැව්‍ දෙන විලාපේ
පවින් උසස් අප හට නැති බැරි උනාවේ
ලගින් ඉදන් ඇති කල හැර ගියාට
පියසේන ඇසූ ප්‍රශ්නයයි කල හැක්කේ මා හට
බැලු තැන පැතිරෙයි සාධු නාද
අහස උසට නැගි දෝංකාර
පිං කැට පුරවන දේව මාන
රුපියලටයි ඇබරෙන්නේ යාචක ගාව
කවුලු පියන් දොර වහලනේ කන්න වේල යදිද්දී
පන්සල් බෝ මලු පිරවෙයි පිනපතාම යදිද්දී රගද්දී කාසි මතම ජීවිතේම පුදද්දී
තේරෙයි බොට බොගේ විල අඩියටම වතුර හිදෙද්දී

[Hook]
පීඩිත පන්තියේ දිලිදා මහන්සි වේ
දුගියගේ රන්චුවේ
තැවෙයි මා
දැවෙයි මේ හංදියේ

[verse 3]
පන්ති දෙකකට හසු වී තෙරපෙන මගෙ ප්‍රාණය
නැති බැරි කමයි කොන් කලේ මාගේ චරිතය
අගහිගකම් මැදින් ලියවෙන වෘතන්තය
මව නැති උනේ මගේ පෙර කල කරුමෙද
මනසින් උඩ හිටියට පය මගේ පොලවේ
වැටෙන් නෑ මම තවත් මම ඉන්නේ අඩියේ
ආශා පොදි බදින උබ තවමත් ඉන්නේ අදුරේ
දුර්ජනයින් රජ කරයි පින් කෙතේ
ජීවිතේ සිර ගෙයක් නම් මම සිර කරුවද
පීඩිත පන්තියේ ඉපදීම මං කල වරදද
කාසිය අතේ තියෙන අයගේ මම අද වහලද
මගේ ප්‍රාණේ මෙතරම් දුක්ඛිත උනාද
මගේ වයසේ අනිත් ලමයි පාට පාට හීන වල
මගේ සිතේ සැම දෙයක්ම කලු සුදු උන ලෝක වල
මගේ ලොවට එලිය දෙන්න පුන් සද මට නැති උනාට
පසු තැවෙන් නෑ දෙවියනි වෙන්නම් හෙට හිරුය මම

[Hook]
පීඩිත පන්තියේ දිලිදා මහන්සි වේ
දුගියගේ රන්චුවේ
තැවෙයි මා
දැවෙයි මේ හංදියේ

About “Piditha Panthiye (පීඩිත පන්තියේ)” by ROD RECORDZ

Read the complete lyrics to "Piditha Panthiye (පීඩිත පන්තියේ)" by ROD RECORDZ from the album "This Is Vinosh" in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Piditha Panthiye (පීඩිත පන්තියේ)" is performed by ROD RECORDZ. from the album "This Is Vinosh" in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Piditha Panthiye (පීඩිත පන්තියේ)", explore more songs by ROD RECORDZ using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for ROD RECORDZ · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Piditha Panthiye (පීඩිත පන්තියේ)" is credited to ROD RECORDZ. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"Piditha Panthiye (පීඩිත පන්තියේ)" appears on "This Is Vinosh" in 2020.

Visit the ROD RECORDZ artist page at /artist/rod-recordz for biography, popular tracks, and links to more lyric pages.


Lyrks
Lyrks

Your gateway to the world of music lyrics.

Product

Features


© 2026 Lyrks. All rights reserved.