Lyrks
Lyrks
Lyrks
Cover Art

06. ADIKARAM SITHIVILI (CHAPTER 02) Lyrics by RUDEBOYRAY

CLOUD9

2023

HOOK - SHREDDER
ගමනාන්තයක් සිතමින් මා
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා....
VERSE 1 - RUDƎBOYRAY
මේ තනිකම නාඹර, හිතුවක්කාර කෙල්ලෙක් වගේ මගේ ගෙලේ දැවටෙනවා
විකල්ප නොදන්න මාත් ඒකිගෙ ජීවයක් නැති තනපුඩු උරන් සැනසෙනවා
හොඳම නිපදවන්නා ගෙ ස්වර මතින් පදවන "අදිකාරම් සිතිවිලි" යානයේ
කවුළුවෙන් එපිට මා හා සමගාමීව යන තල්මහෙක් තවමත් අහසේ...
තියෙනවා තත්පර 11ක් ඇස් ඇරියම උදේට ජීවිතේ විඳින්න
පටන් ගන්නවා මොහොතකින් පස්සෙ ලෝකෙ මුස්පෙන්තුකම ඔළුව ට වදින්න..
වේදනාවන් ට යටින් දිවෙන මිහිරක් තියෙයි, ඒකයි යථාර්ථය
අඬද්දි එන කඳුළු තමයි අපේ කාළකණ්නි ආත්මය ට ලැබෙන සුරාන්තය
ඉර මැරුණම හීතල හුළං ගේන කණාමැදිරි එළිවල හැඩතල නොදත්
හඳ කපලා කතුරකින් හැදුවා මං සිවිලිමේ දිළිසෙන තරු ගොඩක්...
කාලය ගැන වගක් නැතිව සිරුරේ පද්ධතීන් නිද්‍රාවට පත්වෙන්න
මට ඕනා මාව ඇඳ ඇතිරිලිවලට අවශෝෂණය වෙනකන්ම වැතිරිලා ඉන්න...
HOOK - SHREDDER
ගමනාන්තයක් සිතමින් මා
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා....
VERSE 2 - RUDƎBOYRAY
නඩත්තු කරවන ව්‍යාජ ප්‍රබන්ධ ස්වයංවාරණ වලටම සීමා වූ
සුවපහසු කලාපයේ රාමුවෙන් මට මිදෙන්නයි ඕනෙ වගේ Zima Blue...
දරාගන්න බෑ මට මේ මනසත් පෑන් තුඩත් අතර අවකාශයක් ඇත්නම්
තනිවෙන්න බෑ බොට මේ පේළි උඩ ලොවෙත් මට තරම් psycho නැත්නම්
ආසයි මං හීන දකිද්දි උඹේ විඩාබර ඇස් වැහෙනවා දකින්න
පුළුවන් නම් උඹටත් හෙට මීට වඩා ටිකක් බර අඩු හිතක් එක්ක... ඇහැරෙන්න!
කියවද්දි ෆැන්ටසිය උඹේ හිසේ මැවෙන චිත්‍ර උඹ ට බෑ මගාරින්න
මට ඕනි උඹේ ආත්මය උඹේ ඇඟෙන් උඩ ට අරන් ගිහින් පොළොවට අතාරින්න....
හුස්මක් නැති හිස් අවිවේකී සින්තටික් විඩම්බනයකින් මිදිලා
හුදෙකලා නිම්නයක රියැලිටිය හීනයක ගිලෙද්දි ලූපයක වෙළිලා..
ඇස් එක්ක මොළේ ෆෝකස් සමමුහූර්ථ කරගන්න බැරිවෙන ප්‍රිස්මෙක මැද
වැළඳගනින් අපි හමුවෙන දවස ට ඒ තමයි උඹත් මාත් හිස්වෙන තැන....
HOOK - SHREDDER
ගමනාන්තයක් සිතමින් මා
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා..…
Credits

About “06. ADIKARAM SITHIVILI (CHAPTER 02)” by RUDEBOYRAY

Read the complete lyrics to "06. ADIKARAM SITHIVILI (CHAPTER 02)" by RUDEBOYRAY from the album "CLOUD9" in 2023. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Conscious Hip-Hop, Rap.

"06. ADIKARAM SITHIVILI (CHAPTER 02)" is performed by RUDEBOYRAY. from the album "CLOUD9" in 2023 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "06. ADIKARAM SITHIVILI (CHAPTER 02)", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"06. ADIKARAM SITHIVILI (CHAPTER 02)" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

"06. ADIKARAM SITHIVILI (CHAPTER 02)" appears on "CLOUD9" in 2023.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.