Lyrks
Lyrks
Lyrks
Cover Art

Caligynephobia | කැලිගයිනෆෝබියා Lyrics by RUDEBOYRAY

2020

Chorus : Costa
හීනෙන් මම ඔබ, හා එක්වෙමි
ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි
මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි
අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි....
ගන්න හිතෙනවා, ඒත් හිත බයයි
ආදරෙන් මට, ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනේ මට දැන්
ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්....
Bridge : Costa
කවුරුත් කිව්වේ නෑ,...
මම තාම දැන්ම කිව්වේ නෑ....
ඉන්නේ මා.... අහසේ ආ.........
Verse 1 : RUDEBOYRAY
වරක් නෙවෙයි දෙවරක් කිව්වත් මේක නෙවෙයි අන්තිම වතාව
ඇස්වලින් අල්ලන් ඈව ලිව්වා මං කවි වලින් මගේ කථාව
ඈ හිනාවෙන ලතාව, ඇගෙ ගමන, විලාසිතා ව
තාවකාලිකව ගොළු කළා පදවැල් මං ළඟින් තියන් හිටි ගොතාන....
ඇස් දිහා කෙළින් බලන්න බෑ, හිත හිරි වැටෙනවා නිතර
ඈ ළඟින් ඉද්දි මට ගලපගන්න බෑ, භාෂාවේ මදි වචන
දැක්කා ඈව මම ඇස් කොනින්, ඩොලර් - පවුම් මැද්දේ ඈ bitcoin
Pass කරන් යන්න හැකිවෙයිද මට Caligynephobia වේ
Checkpoints...
ඉන්නම් හිතින් මං මැරි මැරි, චාටර් වෙන්න තමයි ඉතිං මට බැරි
ඇගෙ රූපකාරයට සමවැදී , බලන් ඉන්නම් මම ළතවෙවී..
මගේ 4 K හීනවල details, මම දුර්වලම විෂය females
හිතේ සැරිසරන වචනවලින් මං ලියන්නම් එයාට E-mails...
මම හාමතේ පිපාසයෙන් ඉන්නා විට හමුවුණා වගේ ice-cream scoop එකක්
ඈ මගේ මනසේ නොනැවතී re-play වෙන පැය 24 ක loop එකක්
ඇගෙ මතක ඇසුරෙන් සත්තයි මට ලිව්වැකි, කවියක් - පොතක් එක්ක
නින්ද යන්නෙ නැති වර්ණවත් හීනෙක පිළිසඳරක් මං හඳත් එක්ක....
Chorus : Costa
හීනෙන් මම ඔබ, හා එක්වෙමි
ඈත ලෝකෙදි, ආයේ වෙන්වෙමි
මම තරුණයි, ඒත් මගේ හිත මහළුයි
අත ගන්නට ඔබේ මගේ හිත චකිතයි....
ගන්න හිතෙනවා, ඒත් හිත බයයි
ආදරෙන් මට, ඉන්න වන වගයි
ඔය ලස්සන හිනාව ඕනේ මට දැන්
ඇළුම් වන්නට බය මගේ හිත තුළ දැන්....
Verse 2: RUDEBOYRAY
ජීවිතේ නැමැති කැන්වස් රෙද්දේ ඈ වෙලා වර්ණවත් සිත්තමක්
ඇගෙ වචන, පාට නූල් එක්ක එකින් එක ඇමිණිලා එන ගෙත්තමක්
මවන්න ආසයි ඈව ගේන හැටි, ඇගෙ ඇස්වලින් මාව පේන හැටි
සැනසෙන්න ආසයි ඈ ළඟටම වෙලා ඇගෙ හසරැලි වල වැදි වැදි...
තව වැඩි වෙනවා හදේ ගැස්ම, ඇගේ ඇස් ම තමයි හේතුව
දිළිසෙන තරු අස්සෙන් දැක්කා වගේ 'හේලී ගේ ධූමකේතුව'
හීන අතරින් මම ඈ හා එක්වෙමි, ඈ වෙලා මගේ ප්‍රාණය
ඈව නිර්මාණය කරපු දවසේ දෙවියනුත් හොයාගන්න ඇති නිර්වාණය....
Bridge : Costa
කවුරුත් කිව්වේ නෑ,...
මම තාම දැන්ම කිව්වේ නෑ....
ඉන්නේ මා.... අහසේ ආ.........
Credits

About “Caligynephobia | කැලිගයිනෆෝබියා” by RUDEBOYRAY

Read the complete lyrics to "Caligynephobia | කැලිගයිනෆෝබියා" by RUDEBOYRAY in 2020. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Caligynephobia | කැලිගයිනෆෝබියා" is performed by RUDEBOYRAY. in 2020 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Caligynephobia | කැලිගයිනෆෝබියා", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Caligynephobia | කැලිගයිනෆෝබියා" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Caligynephobia | කැලිගයිනෆෝබියා" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.