Lyrks
Lyrks
Lyrks
Cover Art

Manmath Wuna Lyrics by RUDEBOYRAY

2017

Hook : Aki Vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...
Verse 1 : Rudeboyray
දැක්ක දා ඔය ඇස් කෙල්ලේ
බවුන් වැඩුවා මනසින් එක එල්ලේ
මගේ කරන්, මිරිකන් ඔය අත
ඇවිදින්න ඉර ගිලෙන වරුවක වැල්ලේ...
එලයි පාවඩ, සුදු පෙණ කැට
බදු අරන් වෙරළේ මායිම, ඉඩ-කඩ
හමුනොවන අනන්තය හොයන් ඇවිදිමු අපි
හැඩ-වැඩ තවරන් පා තුඩු අග...
දවසක් මට නම්, මදි
ආදරේට මෙතරම්, කවි
පාළුවේදී හිත නම් නෑ නිදි
කළුවරේ ද නෙත දල්වා හිඳී...
ඔය හිනාවට නොදැනීම වහ වැටේ
මගේ ක්ෂීරපතේ දීප්තිමත්ම තරු කැටේ
නුඹේ මදහස් මිණි සළඹ හඬවලා
සත්තයි කෙල්ලේ නුඹ මා මන්මත් කළා...
Hook : Aki Vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...
Verse 2 : Rudeboyray
මේ ආදර කතාවේ නුඹ තේමා ගීයයි
පේළියක් පේළියක් ගානේ හද ඉපිලී යයි
නුඹෙ හඬ තනුවක් වගේ, කන්තාරු
එක්වෙලා කරමුද ලොව අපි පින්තාරු...
මේ හිත පොඟවන් නුඹේ පහසේ
යට ප්රජාතාන්ත්රික නිල් අහසේ
මුළු හිතින් ඇවිදිනවා පෙම් පලසේ
මම තාම විදහාගෙන පිල් මනසේ...
මැද සරල සමමිතික පසුතල
අපේ පෙම ජ්යාමිතික හැඩතල
තියන්නම් කෙල්ලේ මම වැස්සටත් ගිනි
මුව සිපගන්න මගේ ඔබ වෙලා කැට පිණි...
අපේ ලොවේ ආලවන්ත වීදි නම් බෝමයි
ගෙවෙන තත්පරේටම මම ලෝබයි
දුරස් කළා දුක නුඹ හීනවල සිට
බෙදාගත්තා ජීවිතේ, වෙලාගත්තා හිත මගේ...
Bridge : Aki Vish
ප්රේමනීය හැන්දෑවේ, අත අල්ලාන ඔබගේ
මුවා වේවී, ඔබේ ළමැදේ හිස තබා
ක්ෂිතිජ රේඛාවේ, සායම් තවරා අපේ ආදර කතාවේ
වර්ණවත් කළා...
Hook : Aki Vish
මන්මත් වුණා ඔබේ දෑස කී කතාවෙන්
කුල්මත් වෙලා මගේ සිතත් ඔබේ සිනාවෙන්
ඉවසන්න නම් හිතක්ම නෑ කෙල්ලේ
පවසන්න ආදරේ ඔබේ සිතේ පැටලී
ගයන්නම් ගීතය අපේ ආලයේ...
Credits

About “Manmath Wuna” by RUDEBOYRAY

Read the complete lyrics to "Manmath Wuna" by RUDEBOYRAY in 2017. On Lyrks you can follow along with the full text, explore the artist's discography, and discover related songs. The track is often categorized under Rap.

"Manmath Wuna" is performed by RUDEBOYRAY. in 2017 This page provides the full lyric text for fans who want to sing along, study the songwriting, or compare versions across releases. Lyrks organizes lyrics by artist and song slug so you can bookmark and share a stable URL. Music lyrics help listeners connect with emotion, narrative, and rhythm in a track. Whether you are learning English, researching a favorite chorus, or preparing for karaoke, having accurate line breaks and section labels (verse, chorus, bridge) makes the experience easier. We link to the official artist profile on Lyrks where available, including biography snippets, top songs, and chart placements when we have that data. If you enjoy "Manmath Wuna", explore more songs by RUDEBOYRAY using the links below. Chart and trending pages on Lyrks highlight what listeners are searching for this week. For copyright or correction requests, see our DMCA and contact pages.

View all songs and biography for RUDEBOYRAY · Trending lyrics · Billboard Hot 100

Frequently asked questions

"Manmath Wuna" is credited to RUDEBOYRAY. Songwriting credits may include additional writers listed on the release; check the credits section on this page for linked collaborators.

Album information for "Manmath Wuna" is not available in our database yet. You can still read the full lyrics on this page.

Visit the RUDEBOYRAY artist page at /artist/rudeboyray for biography, popular tracks, and links to more lyric pages.